Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක්

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය දඹුල්ලේ දී පැවැත්වෙන අතර, මේ වන විටත් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන අවසන්.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා. ඒ අනුව ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ හා බිනුර ප්‍රනාන්දු විවේක ගන්වා ඇති අතර, කණ්ඩායමට කැදවා ඇත්තේ නුවන් තුෂාර, අකිල ධනංජය, කමිදු මෙන්ඩිස් හා කුසල් පෙරේරා යන ක්‍රීඩකයින්.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ද මෙම තරගය සදහා වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis (wk), Kusal Perera, Sadeera Samarawickrama, Kamindu Mendis, Angelo Mathews, Wanindu Hasaranga(c), Dasun Shanaka, Akila Dananjaya, Nuwan Thushara, Matheesha Pathirana

Afghanistan XI:

Rahmanullah Gurbaz(w), Hazratullah Zazai, Ibrahim Zadran(c), Mohammad Ishaq, Azmatullah Omarzai, Mohammad Nabi, Karim Janat, Sharafuddin Ashraf, Noor Ahmad, Fareed Ahmad Malik, Wafadar Momand

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...