“සති 4ක නීරෝධායන ක්‍රියාවලියක් ලෝක කුසලානයට අවශ්‍යයි” – ඩු ප්ලෙසිස්

Date:

සති දෙක බැගින් වූ නීරෝධායන කාල සීමාවන් දෙකක් සිදු කිරීම ඔස්සේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා අවස්ථාවක් හිමි වනු ඇති බව දකුණු අප්‍රිකානු හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් පවසනවා.

ඒ, ෆේස්බුක් ඔස්සේ ටමිම් ඉක්බාල් සමග සජීවී වැඩසටහනකට එක්වෙමින්.

තරගාවලිය ආරම්භ කිරීමට පෙර සහ පසු වශයෙන් නිරෝධායන කාල සීමාවන් දෙකකට යටත්ව ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලිය පැවැත්විය හැකි බව ඔහුගේ අදහසයි.

2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පවතින තත්ත්වය හමුවේ තරගාවලිය කල් දැමීමේ අවධානමක් ද පවතින නමුත්, ජගත් ක්‍රිකට් කවුන්සලය ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

“ඔස්ට්‍රේලියාව අනෙක් රටවල් මෙන් දැඩි ලෙස බලපෑමකට (කොරෝනා වෛරසය හේතුවෙන්) ලක්ව නැතත්, දැඩි අවධානමකට ලක්ව සිටින බංග්ලාදේශයෙන්, දකුණු අප්‍රිකාවෙන් හෝ ඉන්දියාවෙන් පුද්ගලයින් ගෙන්වා ගන්නේ නම් ඇත්තෙන්ම එය ඔවුන්ට සෞඛ්‍ය අවධානමක්”

යනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස් කියා සිටියා.

මේ අතර, 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය නවසීලන්තය හමුවේ පරාජයට පත් වීමේ වේදනාව වසර කිහිපයක් යන තුරු දැඩිව දැණුනු බව ද මෙහිදී ෆෆ් ඩු ප්ලෙසිස් සදහන් කළා.

“අපිට දින දෙකක් එහි රැදී සිටින්න වුණා, මොකද දකුණු අප්‍රිකාවට ආපසු එන්න ගුවන් යානයක් ගන්න බැරි වුණු නිසා. ඉතිං ඒ දවස් දෙකේ දී අපි අපේම අනෙක් ක්‍රීඩකයින් දැක්කම කවුරුත් කතා කරේවත්, ඇස් දිහා බැලුවෙවත් නැහැ. පසුව මම අයි.පී.එල් ක්‍රීඩා කළත්, මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා මට දැණුනෙ නැහැ. මම ගොඩක් හදවතින්ම කම්පා වෙමින් හිටියෙ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...