Watch : ඇන්ඩර්සන්ට පිට පිට ජයිස්වාල් ගහපු හයේ පහර 3 – ලෝක වාර්තාවකුත් සම කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී 41 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට එරෙහිව පිට පිට හයේ පහර තුනක් එල්ල කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් අද(18) සමත් වුණා.

රාජ්කොට් හී දී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු දෙකක් දැවී ලකුණු 196 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 430 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි පියවර ගත්තේ.

ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිව ඇති ඉලක්කය ලකුණු 557 ක්.

මෙම තරගාවලියේ දී වාර්තා කළ සිය දෙවැනි ද්විත්ව ශතකය ද වාර්තා කළ ජයිස්වාල් නොදැවී ලකුණු 214 ක් රැස් කළා. පන්දු 236 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 12 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.

ඒ අනුව ටෙස්ට් ඉනිමකදී හයේ පහර වැඩිම සංඛ්‍යාවක් එල්ල කරමින් (හයේ පහර 12ක්) 1996 වසරේ දී වසීම් අක්‍රම් පිහිටුවා ඇති ලෝක වාර්තාව සම කිරීමට ද ජයිස්වාල් මෙම ඉනිමේ දී සමත් වීම කැපී පෙනුණා. ඔහු විසින් ඇන්ඩර්සන්ට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුණේ ඉන්දීය ඉනිමේ 85 වැනි පන්දුවාරයේ දී යි.

ෂුබ්මන් ගිල් අද දිනයේ දී ලකුණු 91 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර, සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 68 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...