ස්ටොයිනිස් 20යි 20 තරගාවලියෙන් ඉවතට – මැතිව් වේඩ්ට පළමු තරගය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස්ට නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව හට ගෙන ඇති යම් ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට Aaron Hardie ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

පසුගිය ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි 20යි 20 තරගය ආරම්භ වීමට පෙර ස්ටොයිනිස් අදාල ආබාධයට ලක්ව තිබූ නමුත්, ඔහු එම තරගය සදහා ද ක්‍රීඩා කළා.

නමුත්, ඔහුට තෙවැනි 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, තවමත් ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බැවින් නවසීලන්තයේ දී පැවැත්වෙන 20යි 20 තරගාවලිය ද ඔහුට අහිමි වී තිබෙනවා.

ලබන මස අගදී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ඔහු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු උප නායක හා කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ්ට ද වෙලින්ටන් හී දී ලබන බදාදා පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ බිරිද ඔවුන්ගේ තෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

නමුත්, එළඹෙන සිකුරදා හා ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් 20යි 20 තරග දෙක සදහා මැතිව් වේඩ් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...