Day 1 Report : රෝහිත් හා ජඩේජාගේ ශතක පළමු දිනයේ ගෞරව ඉන්දියාවට හිමි කර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(15) රාජ්කොට් හී දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 326 ක්.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 33 ක් තුළ බිද වැටුණා. ඒ, යශස්වි ජයිස්වාල් ලකුණු 10කටත්, ෂුබ්මන් ගිල් ලකුණු නොලබාත්, රාජත් පටිදර් ලකුණු 5කටත් දැවී යාමත් සමගයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 204 (329)ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය පළමු ඉනිම ස්ථාවර කිරීමට නායක රෝහිත් ෂර්මා හා රවීන්ද්‍ර ජඩේජා සමත් වුණා.

රෝහිත් ලකුණු 131 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 14ක් සමගින්. ජඩේජා නොදැවී ලකුණු 110 යි. හයේ පහර දෙකක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සර්ෆරාස් ඛාන් ලකුණු 62 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජාට ඔහුගේ 100 වැනි ලකුණ රැස් කිරීම සදහා අවස්ථාව ලබා දීමට තැත් කළ අවස්ථාවේ දී යි. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී යළි කණ්ඩායමට කැද වූ මාර්ක් වුඩ් ලකුණු 69 කට කඩුලු තුනක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...