Watch : 2021 වසරෙන් පසු ජාත්‍යන්තර පිටියට පිවිසි අකිල දෙවැනි පන්දුවාරයෙන්ම දවා ගත් කඩුල්ල

Date:

වසර කිහිපයකට පසුව ජාත්‍යන්තර පිටියට පිවිසි පළමු තරගයේ දී තමන් යොමු කළ දෙවැනි පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද(14) සමත් වුණා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග අද දහවල් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස රහ්මනුල්ලාහ් ගුර්බාස් දවා ගැනීමට අකිල ධනංජය සමත් වුණා. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.

අනතුරුව ඔහු යොමු කළ තෙවැනි පන්දුවාරයේ දී ද නායක හෂ්මතුල්ලාහ් ශහීඩි දවා ගැනීමට අකිල සමත් වීම කැපී පෙනුණා.

අකිල ධනංජය එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ 2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුවයි.

ගුර්බාස් දැවී අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...