Watch : අවිශ්කගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ සඩ්‍රාන් දුවද්දී දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර අද(14) දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු රැකීමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ඇෆ්ඝනිස්තාන පිලේ පළමු කඩුල්ල දවා ගැනීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

ඔහුගේ විශිෂ්ඨ පන්දු රැකීමක් හමුවේ දුවද්දී දැවී ගියේ ආරම්භක පිතිකරුවෙකු වූ ඊබ්‍රහීම් සඩ්‍රාන්.

දැවී යන විට සඩ්‍රාන් පන්දු 10කට මුහුණ දී ලකුණු 13 ක් ලබා සිටියා. ඒ, හතරේ පහර 3ක් ද සමගින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 39 කට සීමා වුණා. තරගයේ පස්වැනි පන්දුවාරයේ දී extra cover කලාපයේ පන්දු රකිමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු විසින් විශිෂ්ඨ ලෙස පන්දුව රැක ගනිමින් කෙළින්ම කඩුල්ලේ වැදීමට පන්දුව විසි කරමිනුයි ඊබ්‍රහීම්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...