Watch : MI වරම් දිනූ තරගයේ පළමු පන්දුවාරයේ දී ම වියස්කාන්ත් දවා ගත් කඩුල්ල

Date:

ජැෆ්නා කිංග්ස් නියෝජනය කරමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පා දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඊයේ (8) රාත්‍රියේ දී MI Emirates කණ්ඩායම නියෝජනය කරමින් International League T20 වරම් හිමි කර ගත්තා.

ඒ, ඩුබායි හී දී පැවැති තරගාවලියේ 26 වැනි තරගයේ දී Gulf Giants කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Gulf Giants කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.

නායක ජේම්ස් වින්ස් ලකුණු 59 ක් රැස් කළ අතර, ජෙමී ස්මිත් ලකුණු 43 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී 22 හැවිරිදි වියස්කාන්ත් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 18 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

සිය පළමු පන්දුවාරයේ දී ම ඔහු සිය පළමු ILT20 කඩුල්ල දවා ගැනීම කැපී පෙනුණා. ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ ජෝර්ඩන් කොක්ස්. (දර්ශන පහතින්)

Waqar Salamkheil ලකුණු 19 කට කඩුලු තුනක් දවා ගත්තා. කෙසේ වෙතත්, මෙම ඉනිමේ දී පන්දුවාරයකට අඩුම ලකුණු සාමාන්‍යක් (4.50) ලබා දී තිබුණේ වියස්කාන්ත් විසිනුයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Emirates කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි. ඒ අනුව Giants කණ්ඩායමට ලකුණු පහක තියුණු ජයක් මෙම තරගයෙන් හිමි වුණා.

කුසල් පෙරේරා පන්දු 25 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. කයිරන් පොලාඩ් ලකුණු 40 යි.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන්නේ ද ලකුණු 264 ක් ලබා සිටි කුසල් පෙරේරා.

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...