Watch : ක්ලාසන්ගේ හයේ වරුසාව හමුවේ භානුකගේ සුපර් ජයන්ට්ස් අවසන් මහා තරගයට

Date:

2024 SA20 ක්‍රිකට් තරගාවලියේ Qualifier 2 තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් Durban’s Super Giants කණ්ඩායමට ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් හිමි කර දීමට හෙන්රික් ක්ලාසන් සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ දී Joburg Super Kings ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ අතර, මෙම තරගයෙන් ලැබූ ජයත් සමග ඩර්බන් පිල අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩර්බන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 211 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

භානුක රාජපක්ෂ ලකුණු 35(23) ක් රැස් කළේ හතරේ පහර හයක් ද සමගින්. වියාන් මෝල්ඩර් නොදැවී ලකුණු 50(23) යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්ලාසන් පන්දු 30 ක් පමණක් වැය කර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 74 ක්. හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 246.66 ක් ලෙසයි. (ඔහුගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න)

පන්දු යැවීමේදී නන්ඩ්‍රි බර්ගර් හා ඩග් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් කිංග්ස් පිලට පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

මොයීන් අලී ලකුණු 30 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ජූනියර් දලා ලකුණු 38 කට කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව හෙට(10) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයේ දී Durban’s Super Giants කණ්ඩායම, Sunrisers Eastern Cape කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...