U19 CWC : තියුණු සටනකින් පසු ඉන්දියාව අවසන් මහා තරගයට

Date:

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් පිල කඩුලු දෙකකින් පරාජයට පත් කරමින්.

මෙය ඉන්දීය යොවුන් කණ්ඩායම යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 9 වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

Benoni හි පැවැති තරයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 244 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 48.5 ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 32 දී බිද වැටුණු පසුබිමකයි.

5 වැනි කඩුල්ල සදහා නායක Uday Saharan හා Sachin Dhas ලකුණු 171 (187) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

එය යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ දී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි.

Sachin Dhas ලකුණු 96 කට දැවී ගිය අතර, Uday Saharan ලකුණු 81 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...