ප්‍රභාත්, මැතිව්ස් හා චන්දිමාල්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගය ජය ගනියි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු දහයක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(5) සමත් වුණා.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 56 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 7.2 ක් අවසානයේ දී යි.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32 ක් හා නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 22 ක් රැස් කළා.

තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 296 ක් පමණයි.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් පන්දුවට පහරදුන් පසුබිමක, ඇෆ්ඝනිස්තානයේ කඩුලු හයක් අද පෙරවරු සැසියේ දී ම ලකුණු 52 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස රහ්මට් ශාහ් ලකුණු 54 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව යොමු කෙරුණු දෙවැනි පන්දුවාරයේ දී යි.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 114 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.

නායක හෂ්මතුල්ලාහ් ශහීඩි ලබා ගත්තේ ලකුණු 18 ක් පමණයි. ඉක්‍රම් අලිකිල් හා කායිස් අහ්මඩ් එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, සියා උර් රහ්මාන් ලකුණු නොලබා දැවී ගියා. නසීර් ජමාල් නොදැවී ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 107 කට කඩුලු 5 ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු ලකුණු 63 කට කඩුලු තුනක් බිද හෙලූ අතර, කසුන් රාජිත කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 198 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 439 ක්. ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...