ඊබ්‍රහීම්ගේ ශතකය හමුවේ ඇෆ්ඝනිස්තානය යළි සටනට – තවත් ලකුණු 42 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(4) නිමා වුණේ ඊබ්‍රහීම් සඩ්‍රාන්ගේ නොදැවුණු ශතකය හමුවේ ඇෆ්ඝනිස්තානය යළි සටනට අවතීර්ණ කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 199 ක්. ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන්නේ ලකුණු 42 ක් පමණයි.

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ඊබ්‍රහීම් නොදැවී ලකුණු 101 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 217 කට මුහුණ දෙමින්. හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහු හා නූර් අලී සඩ්‍රාන් පළමු කඩුල්ලට ලකුණු 106 ක සම්බන්ධතාවයක් පිහිටු වූ අතර, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ නූර් අලී ලකුණු 47 කට දැවී යාමත් සමග එම සබදතාවය බිද වැටුණා. රහ්මට් ශාහ් නොදැවී ලකුණු 46 යි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු හයක් දැවී ලකුණු 410 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 439 ක්. ඒ, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ලබා ගත් ලකුණු 198 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම නිමා වන විට ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 241 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 141 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 107 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 77 ක් ලබා ගත්තා. සිව්වැනි කඩුල්ල සදහා මැතිව්ස් හා චන්දිමාල් අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 232 ක්.

පන්දු යැවීමේ දී නවීඩ් සඩ්‍රාන් ලකුණු 83 කට කඩුලු 4ක් දවා ගත් අතර, නිජාට් මසූඩ් හා කායිස් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, අද දිනයේ දී පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් කම්පන තත්ත්වයකට මුහුණ දීමට මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ චාමික ගුණසේකරට සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුව තරගයෙන් ඉවත් කෙරුණු අතර, ඔහු වෙනුවට කසුන් රාජිත අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමටයි පියවර ගැණුනේ.

චාමික ගුණසේකර ඇෆ්ඝනිස්තාන පළමු ඉනිමේ දී පන්දුවාර 9ක් යොමු කළ නමුත්, ඔහුට ලකුණු 50 ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...