Watch : 41 හැවිරිදි ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුවකට ඉන්දීය නායකයා ගොදුරු වූ හැටි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද(4) දිනයේ දී සුපිරි පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට 41 හැවිරිදි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ෂර්මා ලකුණු 13 කට දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

විසාකාපට්නම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියා.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 29 ක් ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 396 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 253 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...