ජයිස්වාල්ගේ ද්විත්ව ශතකය හා බුම්රාගේ කඩුලු හය හමුවේ තරගයේ පාලනය ඉන්දියාවට

Date:

යශස්වි ජයිස්වාල්ගේ ද්විත්ව ශතකය හා ජස්ප්‍රිට් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(3) නිමා වුණේ තරගයේ පාලනය ඉන්දියාවට හිමි කර දෙමින්.

විසාකාපට්නම් හී දී පැවැත්වෙන තරගය අද දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 171 ක්.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු හයක් දැවී ලකුණු 336 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 396 ක්.

ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු ජයිස්වාල් ලකුණු 209 ක් රැස් කළේ පන්දු 290 කින්. හයේ පහර 7ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වෙනත් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ වාර්තා කළේ නැහැ. ෂුබ්මන් ගිල් ලකුණු 34 කට දැවී ගිය අතර, රාජත් පටිදර් ලකුණු 32 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රෙහාන් අහ්මඩ්, ජේම්ස් ඇන්ඩර්සන් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 253 ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 76 (78) ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් නමුත්, එය පවත්වා ගෙන යාමට මැද පෙල පිතිකරුවන් සමත් වූයේ නැහැ. නායක බෙන් ස්ටොක්ස් ලකුණු 47 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 45 කට කඩුලු හයක් දවා ගත්තා. කුල්දීප් යාදව් කඩුලු තුනක් බිද හෙලුවේ ලකුණු 71 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...