Watch : කඩුලු රකින්නාට පන්දුව භාර දෙන්න ගොස් එංගලන්ත ක්‍රීඩකයා දැවී ගිය හැටි

Date:

මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (3) පැවැති 38 වැනි තරගයේ දී පන්දුව අතින් ඇල්ලීමේ වරද හේතුවෙන් පන්දු රකින්නන්ට බාධා කිරීමේ (obstructing the field) නීතිය යටතේ දැවී යාමකට හසු වීමට එංගලන්ත ක්‍රීඩක Hamza Shaikh ට සිදු වුණා.

මෙම තරගයේ දී එංගලන්තයේ ප්‍රතිවාදීන් වූයේ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමයි. තරගයෙන් එංගලන්තය ලකුණු 146 ක ජයක් වාර්තා කළා.

Hamza Shaikh ගේ දැවී යාම ආන්දෝලනාත්මක දැවී යාමක් බවට පත් වුණේ ඔහු විසින් සිතා මතා පන්දු රකින්නන්ට බාධා කිරීමේ අරමුණින් පන්දුව අතින් ඇල්ලීමක් සිදු නොකර මෙම දැවී යාමට හසු වීම හේතුවෙනුයි.

කඩුලු රකින්නාට උපකාරයක් කිරීමේ අරමුණින් පන්දුව අතින් අල්ලා එය කඩුලු රකින්නාට භාර දීමටයි ඔහු එම අවස්ථාවේ දී උත්සාහ කළේ.

අනතුරුව සිම්බාබ්වේ ක්‍රීඩකයින් විසින් ඔහු දැවී ගිය අයෙකු ලෙස නම් කරන ලෙසට විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, පසුව එය දැවී යාමක් ලෙස තීරණය කෙරුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 237 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...