තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

සියලු තරග රටාවලින් සමන්විත මෙම තරග සංචාරය සදහා 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු පළමු වැනිදා බංග්ලාදේශය වෙත පිටත්ව යාමට නියමිතයි.

20යි 20 තරගාවලියේ සියලු තරග සිල්හෙට් හී දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග තුන Chattogram හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

20යි 20 තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිත බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ. මාර්තු 13, 15 හා 18 යන දිනවලදී එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය මාර්තු 22 වැනිදා ආරම්භ වන්නේ සිල්හෙට් හී දී යි. මාර්තු 30 වැනිදා Chattogram හී දී දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන බව එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වනවා.

තරග කාලසටහන –

  • 04 March 24 – 1st T20i (starts at 6pm local time) – SICS, Sylhet
  • 06 March 24 – 2nd T20i (starts at 6pm) – SICS, Sylhet
  • 09 March 24 – 3rd T20i (starts at 3pm) – SICS, Sylhet
  • 13 March 24 – 1st ODI (starts at 2:30pm) – ZACS, Chattogram
  • 15 March 24 – 2nd ODI (starts at 2:30pm) – ZACS, Chattogram
  • 18 March 24 – 3rd ODI (starts at 10am) – ZACS, Chattogram
  • 22-26 March 24 – 1st Test (starts at10am) – SICS, Sylhet
  • 30 March – 03 April 24 – 2nd Test (starts at10am) – ZACS, Chattogram

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...