අසිත, විශ්ව, ප්‍රභාත් හා ආරම්භක පිතිකරුවන් පළමු දිනයේ ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(2) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 42 ක් හා නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 36 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී තවත් ලකුණු 118 ක් පිටුපසින් රැදී සිටිනවා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රහ්මට් ශාහ්. ඔහු ලකුණු 91 ක් රැස් කළේ හතරේ පහර 13 ක් ද සමගින්.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 31 ක් රැස් කළ අතර, ඉක්‍රම් අලිකිල් හා කායිස් අහ්මඩ් ලකුණු 21 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු 4ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 3ක් දවා ගත්තා. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 67 ක් ලබා දෙමින්.

ඇෆ්ඝනිස්ථාන පිලේ අවසන් කඩුලු පහ ලකුණු 29 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම ද කැපී පෙනුණා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ චාමික ගුණසේකර පන්දුවාර 9ක් යොමු කළ නමුත්, ඔහුට ලකුණු 50 ක් ලබා දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

ඇෆ්ඝනිස්තානය ‍වෙනුවෙන් මෙම තරගයේ දී Noor Ali Zadran, Zia Ur Rehman Akbar, Mohammad Saleem හා Naveed Zadran යන ක්‍රීඩකයින් සිව්දෙනා ටෙස්ට් වරම් දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...