බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් වැටුප් කප්පාදුවකට සූදානම්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය විදෙස් පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත් පිළිබද නැවත ඇගයීමක් සිදු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්.

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඇතැම් ක්‍රිකට් ආයතන මෙන් තම ආයතනය කිසිදු වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ බලපෑම කොපමණ කලක් පවතී දැයි අවිනිශ්චිත වීම හේතුවෙන් එරට ක්‍රිකට් ආයතනය විසින් සිය විදෙස් පුහුණුකරුවන් සමග ඇති ගිවිසුම් පිළිබද යළි සලකා බැලීමට අවධානය යොමු කර ඇති බව සදහන්.

මාර්තු මාසයේ පැවැති සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව එරට පුහුණුකරුවන් මේ වන විට තම තමන්ගේ රටවල් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මාස පහක හෝ හයක කාලයක් සිය ආයතනයට ආදායම අහිමි වුවහොත් මෙම පුහුණුකරුන්ගේ කොන්ත්‍රාත් පිළිබද යළි සලකා බැලීමට සිදු වන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානය, අයර්ලන්තය වැනි රටවල ක්‍රීඩක වැටුප් සහ සේවක වැටුප් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගැනීමට පසුගිය දිනවල කටයුතු කෙරුණා.

කෙසේ වෙතත්, එවැනි වැටුප් කප්පාදුවක් සිදු කිරීම සදහා මෙතෙක් තම ආයතනයට අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප කළ විමසීමකදී සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...