තවත් චෝදනාවකට වරදකරු වූ ඉම්රාන් ඛාන්ට හා බිරිදට වසර 14 ක සිර දඩුවමක්

Date:

දූෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම 1992 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා වූ ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඔහුට අමතරව ඉම්රාන් ඛාන්ගේ බිරිද වන Bushra Bibi ට ද අදාළ චෝදනාවටම වරදකරු වීම නිසා වසර 14 ක සිර දඩුවම් නියම කිරීමටයි එරට අධිකරණයක් තීන්දු කර ඇත්තේ.

රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවකට ඉම්රාන් ඛාන්ට වසර 10 ක සිර දඩුවමක් නියම කර දිනක් ගතව ඇති පසුබිමක ඔහුට මෙලෙස වසර 14 ක සිර දඩුවමක් ද නියම කිරීම විශේෂත්වයක්.

ඔහුට හා ඔහුගේ බිරිදට අද දිනයේ දී සිර දඩුවම් නියම කෙරුණේ රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස අලෙවි කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

ඔවුන් දෙදෙනාට වසර 10ක කාලයක් දේශපාලන නිලතල දැරීම ද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

තවද ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියන 787 ක දඩ මුදලක් ද නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු තවත් චෝදනාවකට වරදකරුවෙකු වීම හේතුවෙන් වසර තුනක කාලයක් සදහා සිරගත කෙරුණු අතර, ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ සිට ඉම්රාන් ඛාන් සිරගතවයි පසුවන්නේ. කෙසේ වෙතත්, වසර තුනක අදාළ සිරදඩුවම පසුව අත්හිටුවනු ලැබුවා. එවැනි පසුබිමක වුවද ඔහු මේ දක්වා සිරගතවයි පසුවුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...