U19 CWC : තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා යොවුන් පිල පරදියි

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ අද(30) පැවැති තරගයකින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදා කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමත් වුණා.

Kimberley හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 231 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු හතක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Steve Wedderburn ලකුණු 61 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දිනුර කලුපහන, විශ්ව ලහිරු හා සිනෙත් ජයවර්ධන කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ දිනුර කලුපහනයි. ඔහු පන්දු 83 කින් ලකුණු 53 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර පහක් ද සමගින්. මල්ෂ තරුපති ලකුණු 42 යි. සුපුන් වඩුගේ ලකුණු 31 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Raneico Smith ලකුණු 47 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ප්‍රසාද ලකුණු සටහන (දෙවැනි කාණ්ඩය)

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...