පාකිස්තාන හිටපු නායකයාට වසර 10ක සිර දඩුවම්

Date:

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඉම්රාන් ඛාන්ට වසර 10 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් එම සිර දඩුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2022 වසරේ දී ඔහු අගමැති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලක් ආපසු භාර නොදීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබුණා.

2023 වසරේ අගෝස්තු මාසයේ සිට ඔහු වෙනත් චෝදනාවකට වරදකරුවෙකු වීම හේතුවෙන් ද මේ වන විටත් සිර ගතව සිටිනවා. වසර තුනක කාලයක් සදහා එම සිර දඩුවම නියම කෙරුණු නමුත්, පසුව එය අත්හිටුවනු ලැබුවා.

ඉම්රාන් ඛාන්ට පැන වූ වසර 10 ක සිර දඩුවමට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොණු කරන බවයි ඔහුගේ නීතිඥයින් සදහන් කළේ.

2018 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළයි ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධූරය දරනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...