Watch : කොදෙව් හිටපු නායකයින් ‌‌‌‌ඓතිහාසික ටෙස්ට් ජය කදුළු සලමින් සැමරූ හැටි

Date:

ශමාර් ජෝසප් ලකුණු 68 කට කඩුලු 7ක් දවා ගනිමින් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු අටක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(28) සමත් වූ බව මීට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළා.

එම ජයත් සමග දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුුුයි අවසන් වුණේ.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 60 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 207 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

මෙම ටෙස්ට් ජය ඉතිහාසගත වුණේ 1997 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දී කොදෙව් කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි ඉනිම සුපුරුදු පරිදි ආරම්භ කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, අවසන් කඩුල්ල ලෙස ජොෂ් හේසල්වුඩ් දැවී යාමත් සමග ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුණා.

කොදෙව් කණ්ඩායම ලැබූ මෙම සුපිරි ජය ලොව පුරා කොදෙව්වන්ට සහාය දක්වන ක්‍රීඩාලෝලීන් ඉතා ඉහළින් සමරන අතරවාරයේ කොදෙව් හිටපු නායකයින් වන බ්‍රයන් ලාරා හා කාර්ල් හූපර් මෙම ජය හමුවේ ඉතා සංවේදී වන අයුරු ද දැක ගත හැකි වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...