වසර 11කට පසු BBL ශූරතාවය බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට

Date:

2023/24 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් BBL ශූරතාවය දිනා ගැනීමට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අද(24) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා.

Josh Brown ලකුණු 53 ක් ලබා ගත් අතර, Matt Renshaw ලකුණු 40 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sean Abbott ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

Moises Henriques ලකුණු 25 ක් හා Josh Philippe ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Spencer Johnson ලකුණු 26 කට කඩුලු 4ක් දවා ගත්තා.

බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අවසන් වරට BBL ශූරතාවය දිනා ගෙන තිබුණේ 2012-13 අදියරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...