Watch : BPL පිටියේ දී පන්දු හතරකින් දුෂාන් හේමන්ත දවා ගත් කඩුලු 3

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් පන්දු 4ක් තුළ කඩුුලු 3ක් දවා ගැනීමට සිල්හෙට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත අද(23) සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමයි. තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළේ ද රයිඩර්ස් කණ්ඩායමයි.

මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිල්හෙට් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 120 ක් පමණයි.

බෙන් හවෙල් හා බෙන් කටින් ලකුණු 37 බැගින් රැස් කළ අතර, පන්දු යැවීමේ දී මහෙදි හසාන් හා රිපොන් මොන්ඩොල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 39 දී බිද වැටුණු පසුබිමකයි.

බාබර් අසාම් නොදැවී ලකුණු 56(49) ක් හා අස්මතුල්ලහ් ඔමර්සායි නොදැවී ලකුණු 47(35) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 20 ක් පමණක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...