NSL සිව්දින තරගාවලියේ පළමු සතියේ ප්‍රතිපල

Date:

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග ඊයේ (21) පස්වරුවේ නිමා වුණෘ.

පළමු සතියේ දී මහනුවර හා ගාල්ල කණ්ඩායම් ද, කොලඹ හා යාපනය කණ්ඩායම් ද තරග වැදුණු අතර, එම තරග දෙකම ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.

මහනුවර – ගාල්ල තරගය

මහනුර හා ගාල්ල කණ්ඩායම් අතර තරගය හම්බන්තොට දී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 365 ක් රැස් කළා. ලහිරු උදාර ලකුණු 100 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී උදිත් මදුෂාන් ලකුණු 46 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ගාලු කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 205 ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 69 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී චාමික ගුණසේකර, ලසිත් ඇඹුල්දෙණිය හා අශේන් ඩැනියල් කඩුලු 3 බැගින් දවා ගත්තා.

මහනුවර කණ්ඩායම දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියදීයි. ලහිරු උදාර ලකුණු 72 යි. රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගය අවසන් වන විට ගාලු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 201 ක්. ඕෂද ප්‍රනාන්දු ලකුණු 75 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් ලකුණු 59 කට කඩුලු 5 ක් දවා ගත්තා.

කොළඹ – යාපනය තරගය

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 348 ක් රැස් කළා. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 105 ක් ලබා ගත් අතර, ලහිරු මදුෂංක ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා.

යාපනය කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359 ක්. නිශාන් මදුෂ්ක ලකුණු 60 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී නිසල තාරක හා ඉසිත විජේසුන්දර කඩුලු 3 බැගින් දවා ගත්තා.

තරගය නිමා වන විට කොළඹ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 142 ක් ලබා සිටියා. හිමාෂ ලියනගේ නොදැවී ලකුණු 51යි. පන්දු යැවීමේ දී රවිදු ප්‍රනාන්දු ලකුණු 67 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...