යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (21) සමත් වුණා.

ශ්‍රී ලංකාව හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 39 කින් පරාජයට පත් වූයේ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමයි.

Kimberley හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 204 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 12 ක් තුළ බිද වැටුණු අතර, 5 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 88 ක්ව තිබියදීයි.

කෙසේ වෙතත්, සටන්කාමී ඉනිමක නිරත වූ දිනුර කලුපහන පන්දු 55 කින් ලකුණු 60 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කළා.

ෂරුජන් ෂන්මුගනාදන් නොදැවී ලකුණු 41 ක් ලබා ගත් අතර, රවිෂාන් ද සිල්වා හා රුසද ගමගේ ලකුණු 31 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Kohl Eksteen ලකුණු 40කට කඩුලු 3 ක් දවා ගත්තා.

සිම්බාබ්වේ පිළිතුරු ඉනිම අතරතුර දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 22 කදී ජයග්‍රහනය සදහා හිමි වූ ඉලක්කය ලකුණු 129 ක්.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 21.1 ක් තුළ ලකුණු 89 කට දැවී ගියා.

නායක Matthew Schonken ලකුණු 27 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මල්ෂ තරුපති ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගත් අතර, විශ්ව ලහිරු හා රුවිෂාන් පෙරේරා කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

මේ අතර, අද පැවැති තරගාවලියේ 7 වැනි තරගයෙන් නේපාලය පරදා ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත යොවුන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 238 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...