ශමාර්ගේ කඩුලු 5 පසෙකළා හෙඩ් හා හේසල්වුඩ් තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට නතු කරයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සත්කාරක කණ්ඩායමට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු හයක් දැවී ලබා සිටියේ ලකුණු 73 ක් පමණයි.

ඔවුන් පළමු ඉනිමට ලකුණු 188 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283 ක්. ඒ අනුව කොදෙව්වන් මේ වන විට දෙවැනි ඉනිමේ දී තවත් ලකුණු 22 ක් පිටුපසින් පසුවනවා.

අද දිනයට තරගය නිමා කරන විට කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. Kirk McKenzie ලකුණු 26 ක් හා ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 24 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 18 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 59 ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස කැමරන් ග්‍රීන් දැවී ගියේ ලකුණු 14 ක් ලබා සිටියදීයි. උස්මාන් කවාජා ලකුණු 45 යි.

සුපිරි ශතකයක් වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 134 කින් ලකුණු 119 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 12 ක් සමගින්.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ශමාර් ජෝසප් ලකුණු 94 කට කඩුලු පහක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...