ක්‍රිෂාන්ගේ 84 හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ එක්දින ශූරතාවය SSC කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එස්.එස්.සී කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී සෙබස්තියනයිට්ස් කණ්ඩායම පරදා ලකුණු 71 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින්.

ක්‍රිෂාන් සන්ජුල පන්දු 125 කින් ලකුණු 84 ක් ලබා ගනිමින් එස්.එස්.සී ඉනිම ශක්තිමත් කළා. හයේ පහරක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 36 ක් රැස් කළ අතර, ශෙවෝන් ඩැනියල් ලකුණු 35 ක් ලබා ගත්තා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 23 යි. නායක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු හයකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉසිත විජේසුන්දර, දුෂාන් විමුක්ති හා චාමිකර එදිරිසිංහ කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් කණ්ඩායමට පන්දුවාර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

චාමිකර එදිරිසිංහ ලකුණු 37 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, නායක ප්‍රමෝද් මධුවන්ත ලකුණු 21 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ගිෂාන් බාලසූරිය හා නුවනිදු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...