Watch : ජොන්සන් හා නික් එක්ව රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් තරගාවලියේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට Wellington කණ්ඩායමේ Troy Johnson හා Nick Kelly අද (13) සමත් වුණා.

Central Districts කණ්ඩායමේ විල් යන්ග් දවා ගැනීම සදහායි ඔවුන් දෙදෙනා මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දැවී යන විට විල් යන්ග් ලබා ගෙන සිටියේ ලකුණු 7ක් පමණයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Wellington කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Central Districts කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව Central Districts කණ්ඩායමට මෙම තරගයෙන් කඩුලු හයක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...