ඩූබේගේ නොදැවුණු 60 හමුවේ පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(11) සමත් වුණා.

මොහාලි හී දී පැවැති තරගයේ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

රෝහිත් ෂර්මා දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. ෂුම්බන් ගිල් ලකුණු 23 ක් ද, තිලක් වර්මා ලකුණු 26 ක් ද ලබා ගත්තා. ජිටේෂ් ෂර්මා ලකුණු 31 යි.

පන්දු 40 කින් නොදැවී ලකුණු 60 ක් ලබා ගත් ශිවම් ඩූබේ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් හා හතරේ පහර 5ක් ඇතුළත්. රින්කු සිං නොදැවී ලකුණු 16යි.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් ලකුණු 21 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ මොහමඩ් නබී. ඔහු පන්දු 27 කින් ලකුණු 42 ක් රැස් කළා. ඒ, හයේ පහර තුනක් හා හතරේ පහර දෙකක් සමගින්. අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 29යි.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...