උතාපා ICC නීති උල්ලංඝනය කරමින් හැසිරුණු හැටි මෙන්න

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩක රොබින් උතාපා අයි.සී.සී නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ සිදුවීමක් ඊයේ පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ 12 වන තරගයේ දී දැක ගත හැකි වුණා.

ඒ, කේඨය (කෙළ) යොදා ගනිමින් පන්දුව පිරිමැදීමට කටයුතු කිරීමයි.

ඊට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය තුළ ද හුවමාරු වෙමින් පවතිනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ කොල්කටා ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පස්වන පන්දුවේ දී යි ඔහු  මෙලෙස කේඨය යොදා පන්දුව පිරිමැදීම සිදු කර තිබුණේ.

එම පන්දුවේ දී සුනිල් නාරායන් ලබා දුන් උඩ පන්දුවක් ගිලිහී යාමෙන් පසුව රොබින් උතාපා මෙම වරද සිදු කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය මේ වන විට නව නීතියක් හදුන්වා දී ඇත්තේ තරගයක් තුළ දී පන්දුව දෝලනය කිරීම පහසු කර ගැනීමේ අරමුණින් ඊට කේඨය තැවරීම සිදු කළ නොහැකි බවටයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් ඔවුන් එම නීතිය හදුන්වා දුන්නා.

කෙසේ වෙතත්, ඊයේ වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

රොබින් උතාපා කේඨය යොදා පන්දුව පිරි මදින අයුරු ඇතුළත් දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...