සාරාහ්, ගාර්ඩ්නර්, ලෙනින් 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා Ashleigh Gardner සහ නායිකා මැග් ලෙනින් පන්දුවාර 20යි 20 නවතම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ඊයේ(30) නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ Ashleigh Gardner නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 18 වන ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නායික මැග් ලෙනින් එහි 5 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩිකා Georgia Wareham 10 වන ස්ථානය දක්වා පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, නවසීලන්ත හිටපු නායිකා  Suzie Bates පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තම දෙවැනි ස්ථානය රැක ගෙන ඇති අතර, වත්මන් නායිකා Sophie Devine එහි තවදුරටත් සිව්වන ස්ථානය රැදී සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නිමා වූ තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ එංගලන්ත ක්‍රීඩිකා Sarah Glenn පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඇය ඉදිරියට පැමිණ ඇති ස්ථාන සංඛ්‍යාව 12ක්.

කොදෙව්වන්ට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලියෙන් එංගලන්තය තරග 5-0ක ජයක් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...