චරිත්ගේ ශතකය හා මදුෂංකගේ සුපිරි ආරම්භය අපතේ යයි – පළමු තරගය වැස්සට සේදෙයි

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව සහිත අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(6) අවසන් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 274 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමට පන්දුවාර 4 ක් අවසානයේ වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

සිම්බාබ්වේ ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවට Tinashe Kamunhukamwe ලකුණු නොලබා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ඩිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව පිටියට පිවිසි නායක ක්‍රෙයිග් අර්වින් එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී ලකුණු නොලබා දැවී ගියා. එම අවස්ථාව වන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 5ක් ලෙසයි.

Takudzwanashe Kaitano නොදැවී එක් ලකුණක් හා Milton Shumba නොදැවී ලකුණු දෙකක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී මදුෂංක පන්දුවාර දෙකක් යොමු කරමින් ලකුණු දෙකක් පමණක් ලබා දෙමින් කඩුලු දෙක දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

තෙවැනි එක්දින ශතකය වාර්තා කළ චරිත් අසලංක පන්දු 95 කින් ලකුණු 101 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් සමගින්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කලකට පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා පළමු පන්දුවාරයෙන්ම දැවී ගියා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දුවද්දී දැවී ගිය අතර, සධීර සමරවික්‍රම ලකුණු 41 කට දැවී ගියා.

මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ජනිත් ලියනගේ ලකුණු 24 ක් රැස් කළා. සහන් ආරච්චිගේ ලකුණු 11 කට දැවී ගිය අතර, දසුන් ශානක ලබා ගත්තේ ලකුණු 8ක් පමණයි.

මහීෂ් තීක්ෂණ ලකුණු 10 ක් හා දුෂ්මන්ත චමීර ලකුණු 18 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළේ ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට චරිත් අසලංකට අවශ්‍ය සහාය ලබා දෙමින්.

පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා, බ්ලෙසින්ග් මුසරබානි හා මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ෆරාස් අක්‍රම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය එළඹෙන 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...