ෆින්ච් BBL පිටියට සමු දෙයි – T20 පිටියටත් සමු දෙන ලකුණු

Date:

ඔස්ට්‍රේලියානු හිටපු නායක ආරෝන් ෆින්ච් බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙවර තරග වාරයේ දී ඔහු මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන අතර, මෙම අදියර අවසන් වීමත් සමග තමන් BBL පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

BBL පිටියට සමු දෙන බවට ඔහු නිවේදනය කර ඇතත්, 20යි 20 ක්‍රිකට් පිටියට සමු දෙන බවක් ඔහු සදහන් කර නැහැ. කෙසේ වෙතත්, ආරෝන් ෆින්ච් විදෙස් 20යි 20 ලීග් තරගාවලි සදහා ද ඉදිරියේ දී ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නමුත්, ලෙජන්ඩ්ස් තරගාවලි වෙනුවෙන් ඔහු ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

20යි 20 ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් අතර ෆින්ච් 7 වැනි ස්ථානයේ පසුවනවා. ඔහු තරග 386 කදී (ජාත්‍යන්තර තරග 103 ක් ද සමග) ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 11,458 ක්.

ඉනිමක සාමාන්‍ය 33.70 ක් ලෙස සටහන්ව ඇති අතර, ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 138.21 ලෙසයි. 20යි 20 ඉනිමක ෆින්ච් ලබා ගෙන ඇති ඉහළම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 172 ඔහු රැස් කළේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2018 වසරේ දී යි.

බිග් බෑෂ් ලීග් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වන්නේ ද ආරෝන් ෆින්ච්.

2021 පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට නායකත්වය ද ලබා දුන් ෆින්ච් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...