සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා වැඩබලන නායක ඩීල් එල්ගර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, මොහමඩ් සිරාජ් ප්රමුඛ ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.
එය දකුණු අප්‍රිකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය 8 වැනි අවම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම 1932 වසරෙන් පසුව දකුණු අප්‍රිකාව දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු ප්‍රමාණයයි.
Kyle Verreynne ලකුණු 15 ක් හා David Bedingham ලකුණු 12 ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.
ආරම්භක පිතිකරුවන් වූ ඒඩ්න් මාක්රම් ලකුණු දෙකකටත්, ඩීන් එල්ගර් ලකුණු 4කටත් දැවී ගියා. ටොනි ද සෝර්සි රැස් කළේ ලකුණු දෙකක් පමණයි. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු තුනකට දැවී ගියා. මාර්කෝ ජන්සෙන්ට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් කඩුලු හයක් බිද හෙලුවේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්. (සිරාජ් දවා ගත් කඩුලු පහතින් නරඹන්න) ජස්ප්‍රිට් බුම්රා හා මුකේෂ් කුමාර් කඩුලු 2 බැගින් දවා ගත්තා.
#MohammedSiraj finds the first breakthrough with a beautiful ball shaping away 🤌#AidenMarkram is back in the pavilion!
Tune in to #SAvIND 2nd Test
LIVE NOW | Star Sports Network#Cricket pic.twitter.com/m5RZc3S2Yq— Star Sports (@StarSportsIndia) January 3, 2024
Knocked ‘em overrrr!
_ ‘
| | /#MohammedSiraj has every reason to celebrate, as he cleverly sets up #DeanElgar and gets the big fish! 💥Tune-in to #SAvIND 2nd Test
LIVE NOW | Star Sports Network#Cricket pic.twitter.com/EGX6XxZsSu— Star Sports (@StarSportsIndia) January 3, 2024
https://twitter.com/StarSportsIndia/status/1742470352020832329
Double breakthrough for #TeamIndia!@mdsirajofficial is breathing 🔥 this morning & bags a -fer in just his 8th over!
A sensational spell leaves #SouthAfrica reeling!
Tune in to #SAvIND 2nd Test
LIVE NOW | Star Sports Network#Cricket pic.twitter.com/hpzR8g9wLH— Star Sports (@StarSportsIndia) January 3, 2024

