කමින්ස්ගේ කඩුලු පහෙන් පසු වාර්තා වූ ජමාල්ගේ සුපිරි ඉනිම පාකිස්තානය රැක ගනියි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(3) සිඩ්නි හී දී ආරම්භ වුණේ අංක 9 පිතිකරු ආමර් ජමාල්ගේ සටන්කාමී විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට හිමි කර දෙමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 313 ක් ලබා ගනිමින් පළමු ඉනිම අවසන් කළා. දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී සිය පළමු ඉනිමට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 307 ක්.

පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අබ්දුල්ලාහ් ශෆික් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ සයිම් අයුබ් ලකුණු නොලබා දැවී ගියා.

බාබර් අසාම් ලකුණු 26 කටත්, සවුද් ශකීල් ලකුණු 5කටත්, නායක ශාන් මසූඩ් ලකුණු 35 කටත් දැවී ගියා. නමුත් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් රිස්වාන් ලකුණු 88 ක් ලබා ගනිමින් මැදපෙල ශක්තිමත් කළා. ආගා සල්මන් ලකුණු 53 යි.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලකුණු 227 දී බිද වැටුණේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව වෙත හිමි කරමින්. කෙසේ වෙතත්, පසුව ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ආමර් ජමාල් පන්දු 97 කින් ලකුණු 82 ක් ලබා ගත්තේ සිය කණ්ඩායමට ලකුණු 300 සීමාව ද ඉක්මවා යාමට අවස්ථාව උදා කරමින්. ජමාල්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

ඔහු හා මීර් හම්සා අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 86 (133) ක්. හම්සා පන්දු 43 කට මුහුණ දී නොදැවී ලකුණු 7ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යළිත් සුපිරි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ නායක පැට් කමින්ස් ලකුණු 61 කට කඩුලු 5ක් දවා ගත්තා. ඔහු අඛණ්ඩව කඩුලු පහ බැගින් දවා ගත් තෙවැනි අවස්ථාව මෙයයි. මිචෙල් ස්ටක් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...