ඉන්දියාවට තරග 3-0 ක දරුණු පරාජයක්

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 190 ක දැවැන්ත ජයක් හිමි කර ගනිමින් එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(2) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 338 ක් ලබා ගනිමින්.

Phoebe Litchfield ලකුණු 119 ක් හා Alyssa Healy ලකුණු 82 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 189 ක්.

පන්දු යැවීමේ දී Shreyanka Patil ලකුණු 57 කට කඩුලු 3 ක් ද, Amanjot Kaur ලකුණු 70 කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 32.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

Smriti Mandhana ලකුණු 29 ක් ලබා සිටියදී දැවී ගිය අතර, Jemimah Rodrigues හා Deepti Sharma ලකුණු 25 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී Georgia Wareham ලකුණු 23 කට කඩුලු 3ක් බිද හෙලූ අතර, Alana King හා Annabel Sutherland කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...