අෆ්රිඩිට විවේකයක් – අවසන් ටෙස්ට් තරගයට පාකිස්තාන කණ්ඩායම නම් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම තරගයෙන් පාකිස්තාන උප නායක හා වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

තෙවැනි ටෙස්ට් තරගයේ දී 21 හැවිරිදි මුල්පෙල පිතිකරුවෙකු වන සයීම් අයුබ් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් වෙනුවටයි ඔහුව කණ්ඩායමට ආදේශ කර ඇත්තේ. ඉමාම් පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ නමුත් දෙවැනි තරගයේ දී (ලකුණු 10, 12) සැලකිය යුතු දක්ෂතා දැක් වූයේ නැහැ.

ආබාධයකට ලක්ව සිටි දග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ් මෙම තරගය සදහා ද නම් කර නැහැ. ඔහු මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇතත්, ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට තරම් ඔහු සුදුසු යෝග්‍යතාවයක නොමැති වීම නිසා ඔහුට අවසන් තරගය ද අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කරමින් පැවැති පළමු පුහුණු තරගයේ දීමයි අබ්‍රාර් අහ්මඩ් පාදයක ආබාධයකට ලක් වුණේ.

ඒ අනුව හෙට සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා දග පන්දු යවන ක්‍රීඩක සජිඩ් ඛාන් ක්‍රීඩා කිරීමට නියමිතයි. එය ඔහු මෙම තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරගය බවට පත් වනු ඇති. සජිඩ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ මාර්තු මාසයේ දී යි.

මේ අතර, තෙවැනි ටෙස්ට් තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති බව නායක පැට් කමින්ස් අද තහවුරු කළා.

ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම පහට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...