NOC අවලංගු වූ මුජීබ් මෙල්බර්න් සංචිතයෙන් එළියට

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් සිය සංචිතයෙන් ඉවත් කළ බව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමග අද(2) පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඔහුව මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් 20යි 20 විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා ඔහුට ලබා දී තිබූ අවසර ( No-Objection Certificate (NOC) ) අවලංගු කිරීමට ගත් තීරණය හේතුවෙන්.

මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක් හා ෆසල්හක් ෆරූකි යන ක්‍රීඩකයින් 2024 වසර සදහා වන මධයම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් වීමට කැමැති බවට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ අතර, අනතුරුව ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙකලා සිය පෞද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දීමේ වරද හේතුවෙන් එරට ක්‍රිකට් ආයතනය විසින් ඔවුන් තිදෙනාට එරෙහිව දඩුවම් පැනවීමට කටයුතු කළා.

ඒ අනුව එම ක්‍රීඩකයින් තිදෙනාටම වසර දෙකක කාලයක් සදහා විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමටත්, මේ වන විට ඒ සදහා අවසර ලබා දී ඇත්නම් එම අවසරයන් අවලංගු කිරීමටත් එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

පසුව නවීන් හා ෆරූකි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තවදුරටත් කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා නම් කෙරුණා. කෙසේ වෙතත්, මුජීබ් උර් රහ්මාන් එම සංචිතය සදහා නම් කෙරුණේ නැහැ.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. පසුගිය 29 වැනිදා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් එම ජය ලැබූ අතර, එම තරගයේ දී මුජීබ් ලකුණු 20 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...