ජොනතන් ත්‍රොට්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හිටපු එංගලන්ත ක්‍රීඩක ජොනතන් ත්‍රොට්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර මාස 18 ක කාලයක් සදහා ගිවිසුම්ගත වී තිබූ අතර, එම කාලය 2023 වසරෙන් අවසන් වුණා.

ඒ අනුව එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ තවත් වසරක කාලයක් ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය දීර්ඝ කිරීමටයි.

2023 වසරේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජොනතන් ත්‍රොට්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉතා ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම විසින් පාකිස්තානය, එංගලන්තය, ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය පරාජයට පත් කළා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ද ඔවුන් තරගය ජය ගැනීමට ඉතා ආසන්න අවස්ථාවක සිටි නමුත්, ග්ලේන් මැක්ස්වෙල් ක්‍රීඩා කළ එක්දින ඉතිහාසයේ විශිෂ්ඨතම ඉනිමක් හමුවේ එම අවස්ථාව ඇෆ්ඝනිස්තානයෙන් ගිලිහී ගියා.

2023 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඇෆ්ඝනිස්තානය එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණයි. කෙසේ වෙතත්, එය මේ වන විට පහක් දක්වා වර්ධනය වී තිබෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ජොනතන් ත්‍රොට් පත් කිරීමෙන් පසුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින තරග 23 කින් තරග 8ක් ද, 20යි 20 තරග 26 කින් තරග 11 ක් ද ජය ගත්තා.

බංග්ලාදේශයට එරෙහිව ලැබූ පළමු එක්දින තරගාවලි ජය මෙන්ම පාකිස්තානයට එරෙහිව ලැබූ පළමු 20යි 20 තරගාවලි ජය ද එම ජයග්‍රහන අතරට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...