සන්දීප් ලැමිච්හානේ වරදකරුවෙකු බව අධිකරණය තීන්දු කරයි

Date:

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේට (Sandeep Lamichhane) එරෙහිව එල්ල වූ තරුණියක් දූෂණයට ලක් කළ බවට වූ චෝදනාවට ඔහු වරදකරු වී තිබෙනවා.

කත්මන්ඩු දිස්ත්‍රික් අධිකරණය විසින් අද(29) දිනයේ දී මෙම තීන්දුව ලබා දී ඇති බවයි නේපාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉරිදා දිනයේ දී ආරම්භ වූ අවසන් නඩු විභාගය නිමා කරමින් විනිසුරු Shishir Raj Dhakal විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, මීළඟ නඩු විභාගයේදී සන්දීප් ලැමිච්හානේට ලබා දෙන සිර දඬුවම තීරණය කරනු ඇති.

කෙසේ වෙතත්, දූෂණයට ලක්වන අවස්ථාවේ තරුණිය බාල වයස්කාර දැරියක් නොවන බව අධිකරණයේ නිගමනය වී තිබෙනවා. සන්දීප් ලැමිච්හානේ මේ වන විට ඇප මත නිදහස්ව සිටිනවා.

2022 වසරේ අගෝස්තු 21 වැනිදා හෝටලයකදී 17 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කළ බවට පළමුව ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ඒ අනුව පොලීසියට ලද පැමිණිල්ලකින් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කෙරුණා.

ඒ වන විට සන්දීප් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි රැදී සිටියේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි.

පසුව ඔහු ඔක්තෝබර් මුල කත්මන්ඩු ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැණුනු අතර, නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුට එරෙහිව ක්‍රිකට් තහනමක් ද පනවනු ලැබුවා.

නමුත්, පසුව එම තහනම ඉවත් කෙරුණු අතර, පාර්ශව රැසක විරෝධතා මැද ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී නේපාල ජාතික කණ්ඩායම ද යළි නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...