තෙවන විනිසුරු සෝපානයක සිර වීමෙන් දෙවැනි ටෙස්ට් තරගයට බාධා

Date:

තෙවන විනිසුරු නියමිත වේලාවේ දී සිය ආසනය වෙත නොපැමිණීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) දිනයේ දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීම මිනිත්තු කිහිපයකින් ප්‍රමාද වුණා.

තෙවන විනිසුරු Richard Illingworth ක්‍රීඩාංගනයේ සෝපානයක (lift) සිරවීම හේතුවෙනුයි ඔහුට නියමිත වේලාවට සිය ස්ථානය වෙත පැමිණීමට නොහැකි වී තිබුණේ.

දිවා ආහාරයෙන් පසුව තරගය එරට වේලාවෙන් පස්වරු 1.25ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, තරගය ආරම්භ කිරීම මිනිත්තු 7ක පමණ කාලයක් ප්‍රමාද වුණා.

අනතුරුව සිව්වැනි විනිසුරුවරයා තෙවන විනිසුරුගේ කාර්යය තාවකාලිකව භාර ගත් අතර, ඒ හේතුවෙන් තරගය ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවන් පියවර ගත්තා.

තෙවන විනිසුරුවරයා සිය ආසනය වෙත පැමිණියේ තරගය ආරම්භ වී පන්දු දෙකක් යොමු කිරීමෙන් පසුවයි. (දර්ශන පහතින් නරඹන්න)

මෙල්බර්හී දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 194 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා දිවා ආහාරයටත් පෙර දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 264 ක් ලෙස සටහන්ව තිබියදීයි. ඒ, ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 318 ට පිළිතුරු වශයෙන්.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 6 ක් ලබා සිටියා. ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 16ක් තුළ දැවී යාම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...