Watch : බෙල්ස් මාරු කරමින් කෝලි ඉන්දියාවට හිමි කර දුන් කඩුල්ල මෙන්න

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27) දිනයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ අංක 3 පිතිකරු ටෝනි ද සොර්සි දැවී ගිය ආකාරය ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ  ලකුණු 28 ක් ලබා සිටියදීයි. ඔහු ඩීන් එල්ගර් සමගින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 93 (153) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටි අවස්ථාවකයි ටෝනි දැවී ගියේ.

මෙම සම්බන්ධතාවය ඉන්දියාවට හිසරදයක් බවට පත්වෙමින් තිබූ අතර, ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු අපහසුතාවයකින් තොරව එල්ගර් හා ටෝනි පන්දුවට පහර දෙමින් සිටියා.

28 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ගර් විසින් මොහමඩ් සිරාජ්ට හතරේ පහරක් එල්ල කළ අතර, අනතුරුව 29 වැනි පන්දුවාරය ආරම්භ වීමට පෙර කෝලි විසින් කඩුල්ලක බෙල්ස් දෙක එකිනෙක මාරු කිරීමක් සිදු කළේ එමගින් හෝ සිය කණ්ඩායමට කඩුල්ලක් දවා ගැනීම සදහා වාසනාවක් උදා වේයැයි විශ්වාසයෙන්.

මීට පෙර එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් විසින් ද මේ ආකාරයෙන්ම කඩුල්ලේ බෙල්ස් එකිනෙක මාරු කිරීමක් සිදු කරමින් නිමා වූ අලුබදුන තරගාවලියේ දී කඩුලු දවා ගැනීමට සමත් වුණා.

විශේෂත්වය වූයේ කෝලි විසින් මෙම තරගයේ දී ද බෙල්ස් මාරු කිරීමෙන් පසුව යොමු කෙරුණු පන්දුවාරයේ අවසන් පන්දුවට ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේ ටෝනි ද සොර්සි දැවී යාමයි. (දර්ශන පහතින්)

ඩීන් එල්ගර් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ දෙවැනි දිනයේ වැඩි ගෞරව හිමි වූයේ දකුණු අප්‍රිකා කණ්ඩායමටයි. දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 256 ක්.

ඒ, ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 245 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 11 ක්.

සිය අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් ඊයේ වාර්තා කළේ සිය 14 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 211 කින් නොදැවී ලකුණු 140 ක් ලබා සිටින එල්ගර්ගේ ඉනිමට හතරේ පහර 23 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...