ජැමයිකා කණ්ඩායමට 2024 CPL අහිමි වෙයි

Date:

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායම 2024 තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

එම කණ්ඩායම වෙනුවට ඇන්ටිගුවා සහ බාබියුඩාව (Antigua and Barbuda) කේන්ද්‍ර කර ගත් කණ්ඩායමක් සී.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

ෆ්ලොරිඩාවේ වෙසෙන ගයානා ව්‍යාපාරිකයෙකු වන Kris Persaud විසින් ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ අතර, ඔහු විසින් එම කණ්ඩායම යළි CPL සංවිධායකයින් වෙත අලෙවි කර ඇති බව සදහන්.

කණ්ඩායම තිරසාර ලෙස පවත්වා ගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමට ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වයට නොහැකි වූ බැවින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජැමයිකා තලවාස් කණ්ඩායම වෙනුවට ඇන්ටිගුවා සහ බාබියුඩාව නියෝජනය කරමින් කණ්ඩායමක් 2024 අදියර සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති නමුත්, එම කණ්ඩායමේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ජැමයිකාව නියෝජනය කරමින් කණ්ඩායමක් 2024 අදියර සදහා ක්‍රීඩා නොකළ ද, අවම වශයෙන් 2025 අදියරේ සිට හෝ ජැමයිකාව නියෝජනය කරමින් කණ්ඩායමක් තරගාවලියට ක්‍රීඩා කරනු ඇති.

2024 CPL තරගාවලිය අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...