20යි 20 පන්දු යවන්නන් හා එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළි වෙනස් වෙයි

Date:

අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්තයේ අඩිල් රෂීඩ් (ශ්‍රේණිගත ලකුණු 715) සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ඉන්දියාවේ රවී බිෂ්නෝයි (685) තෙවැනි ස්ථානයට ඇදදමමින්.

එහි දෙවැනි ස්ථානය රෂීඩ් ඛාන්ට (692) ද, සිව්වැනි හා පස්වැනි ස්ථාන පිළිවෙලින් වනිදු හසරංගට (679) හා මහීෂ් තීක්ෂණට(677) ද හිමිව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙනුයි අඩිල් රෂීඩ් 20යි 20 පන්දු යවන්නන් අතර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ.

20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් වූ දෙවැනි එංගලන්ත පන්දු යවන්නා වන්නේ ඔහුයි. මීට පෙර දග පන්දු යවන ක්‍රීඩක ග්‍රෑම් ස්වාන් එහි පෙරමුණ හිමි කර ගෙන තිබුණා.

20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානය යළි පාකිස්තානයේ බාබර් අසාම්ට (824) හිමිව තිබෙනවා.

ඒ, මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ ඉන්දියාවේ ෂුබ්මන් ගිල් (810) දෙවැනි ස්ථානයට ඇදදමමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...