පෙරළියන් දෙකක් සමගින් බංග්ලාදේශය හා එක්සත් අරාබිය අවසන් මහා තරගයට ; ඉන්දියාව හා පාකිස්තානයට ඉවතට

Date:

2023 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පෙරළිකාර ජයග්‍රහන දෙකක් වාර්තා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

ඩුබායි හී දී පැවැත්වෙන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම හමුවේ පාකිස්තානය ලකුණු 11කින්ද, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ ඉන්දියාව කඩුලු 4කින් ද පරාජයට පත් වුණා.

පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.3 ක අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන්නේ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 42.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 188 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 189 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඒ අනුව බංග්ලාදේශ හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම් ක්‍රීඩා කරන අවසන් මහා තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...