පාකිස්තානය ලකුණු 355 ක් පිටුපසින්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (15) නිමා වුණේ පාකිස්තාන ආරම්භක පිතිකරුවන්ගේ සාර්ථක ඉනිම් හමුවේ සංචාරක කණ්ඩායම යළි සටනට අවතීර්ණ කරමින්.

දිනය නිමා වන විට පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 132 ක් ලබා සිටියා. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 38(136) ක් හා කුරාම් ශහ්සාඩ් ලකුණු 7ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ඉමාම් සමග ඉනිම ආරම්භ කළ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 42(121) ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 74 ක්.

නායක ශාන් මසූඩ් ලකුණු 30 (43) කට දැවී ගියා. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා නේදන් ලයන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පර්ත් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව අද දිනය ආරම්භ කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 346 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 487 ක්.

ඩේවිඩ් වෝනර් ලබා ගත් ලකුණු 164 ට අමතරව මිචෙල් මාෂ් පන්දු 107 කින් ලකුණු 90 ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ආමර් ජමාල් ලකුණු 111 කට කඩුලු 6 ක් ද, කුරාම් ශහ්සාඩ් ලකුණු 83 කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 355 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...