කිංග් හා පවෙල්ගේ ඉනිම් කොදෙව්වන්ට ලකුණු 10 ක ජයක් ගෙනෙයි

Date:

බ්‍රෙන්ඩන් කිංග් හා නායක රොව්මන් පවෙල්ගේ සටන්කාමී අර්ධ ශතක හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කරමින් තරග 2-0 ක් ලෙස තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

Grenada හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බ්‍රෙන්ඩන් කිංග් පන්දු 52 කින් නොදැවී ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 8ක් සමගින්.

රොව්මන් පවෙල් පන්දු 28 කින් වේගවත් ලකුණු 50 ක් රැස් කළා. ඔහු දැවී යන විට හයේ පහර 5කින් හා හතරේ පහර 3කින් සිය ඉනිම වර්ණවත් කර ගෙන තිබුණා.

කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 43 දී බිද වැටුණු අතර, එම අවස්ථාවේ දී පන්දු 16 ක් තුළ ලකුණු 11 ක් ඇතුළත කොදෙව්වන්ගේ කඩුලු 4ක් දැවී ගියේ තරගයේ පාලනයට එංගලන්තයට නතු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව කිංග් හා පවෙල් 5 වැනි කඩුල්ලට ලකුණු 80 (46) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් කොදෙව්වන් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ටිමාල් මිල්ස් ලකුණු 30 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සෑම් කරන්. ඔහු පන්දු 32 කින් ලකුණු 50 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්. පිල් සෝල්ට් ලකුණු 25 ක් හා විල් ජැක්ස් ලකුණු 24 ක් රැස් කළා. මොයීන් අලී නොදැවී ලකුණු 22යි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා. අකීල් හොසෙයින් කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 24 ක් ලබා දෙමින්. අන්ඩ්‍රි රසල් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 66 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...