SKYගේ ශතකය හා දග පන්දුව හමුවේ දකුණු අප්‍රිකාවට අන්ත පරාජයක්

Date:

සූර්යකුමාර් යාදව් වාර්තා කළ සිය සිව්වැනි 20යි 20 ජාත්‍යන්තර ශතකය හා කුල්දීප් යාදව් බිද හෙලූ කඩුලු පහ හමුවේ දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 106 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 41 කින් ලකුණු 60 ක් ලබා ගත්තා. ඔහු සමග ඉනිම ඇරඹූ ෂුබ්මන් ගිල් ලකුණු 8කට දැවී ගිය අතර, තිලක් වර්මා පළමු පන්දුවෙන්ම දැවී ගියා.

කෙසේ වෙතත්, පළමු කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට කේෂාව් මහරාජ් සමත් වීමෙන් අනතුරුව සුවිශේෂී ඉනිමක් දියත් කළ සූර්යකුමාර් පන්දු 56 කින් ලකුණු 100 ක් රැස් කළා. හයේ පහර 8ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රිංකු සිං ලකුණු 14යි.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් හා ලිසාද් විලියම්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම සුනු විසුණු කළ ඉන්දීය දග පන්දු යවන්නන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 13.5 ක් තුළ ලකුණු 95 කට සීමා කළා.

ඩේවිඩ් මිලර් ලකුණු 35 කට හා නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 25 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 17 කට කඩුලු 5ක් දවා ගත්තේ පන්දුවාර 2.5 ක් පමණක් යොමු කරමින්. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුයි අවසන් වුණේ. (පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...