Update : සනත්ගේ පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

Date:

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඔහුගේ පත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි වසරක කාලයක් සදහා බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සමග සනත් ජයසූරිය සෘජුවම කටයුතු කිරීමට නියමිතයි.

2023 ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජයත්, ලෝක කුසලාන තරගාවලියේ දී පරාජ 7ක් ලැබීමත් සමග 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලානය අහිමි වීමත් සමග ක්‍රීඩකයින්ට පමණක් නොව පසුගිය කාලයේ දී පුහුණු කාර්යය මණ්ඩලයට හා පරිපාලනයට ද දැඩි චෝදනා එල්ල වුණා.

මේ දිනවල පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට හෝ පිවිසීමට ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි වූයේ නැහැ.

එවන් පසුබිමක උපදේශක තනතුරට පත් කෙරුණු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික වැඩසටහන් ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය මට්ටමක් ලබා ගැනීම සහතික කිරීම වැනි වගකීම් කිහිපයක් පිළිබද අවධානය යොමු කිරීමට නියමිතයි.

(මෙම පුවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් පසුව යාවත්කාලීන කර ඇත.)

මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...